කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
ඇදහිලිවන්තයා සහ ඇදහිලිවන්තයගේ එදිනෙදා කල් ක්‍රියාවන්
"එබැවින් අන්‍යජාතින් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන් නුඹලා තවත් නොහැසිරියල්ලා යැයි ස්වාමින්වහන්සේ තුල ඉල්ලා සිටිමි. " -එපිස 4:17
අප අවට ජිවත්වන මිනිසුන්ගේ ක්‍රියා කලාපය ගැන පමණක් නොව නුමුත් මුළු ලෝකය දෙස බැලීමේදී පවා පෙනීයන්නේ, ආර්ත්මාර්ථ කාමිත්වය පෙරදැරිකරගත්, තමා හෝ තමුන්ගේ ශුභ සාදනය ගැන පමණක් වෙහෙසෙන සමාජයන් බවට අපි පත්වී ඇති බවයි.
පාවුල් තුමා විසින් එපිස සභාවට යවනු ලැබූ ලිපිය දෙස බැලීමේදී පෙනෙන්නේද මේ තත්වය අද ඊයේ ඇතිවුවක් නොවනා බවයි. පළමුවැනි ශතවර්ෂ වල විසු මිනිසුන් පවා මේ වර්තමානයේදී ජිවත්වන අප වාගේම තමන් ගැන පමණක් සිතමින් ක්‍රියාකිරීමට පුරුදුවූ සෙනගක්ව සිටි බව එපිසයේ සිටි මිනිසුන්ට පාවුල් තුමා කරන අවවාදයන් පෙන්වාදෙයි.
කුඩා ගම්මානවල ජිවත්වන මිනිසුන් ගේ පටන් මොලොව ඇති බලවත් මෙන්ම දියුණු යයි සැළකෙන රටවල් වල ජිවත්වන මිනිසුන් පවා පුද්ගලිකව මෙන්ම සාමුහිකව ගන්නා නොයෙක් ආකාරයේ තීරණ දෙස බැලීමේදී පෙනීයන්නේද, එවැනිම පින්තුරයක් වීම කණගාටුවට හේතුවෙයි. බේදයකින් තොරව ලෝකයා දෙස බැලීමේදී සියලු වැසියන්ගේ කල් ක්‍රියාවන් බොහෝවිට තම තමුන්ගේ යහපත, තම තමුනේගේ වාසිය සහ තම තමුන්ගේ ජාතිය පමණක් රැකගැනීම වෙනුවෙන් පමණක් මෙන් දැකීමට හැකි වුනත්, ඒ යතාර්ථය පෙන්වන්නේ මිනිසුන් හැටියට අප ආර්ත්මාර්තකමින් අන්ධව, තමා කරන වැරැද්ද යටගසා ගෙන අනෙකාගේ වැරැද්දට පමණක් ඇඟිල්ල දික්කර පෙන්වීමට තරම් උඩඟුව ජීවත්වීමට පුරුදුවී සිටින බවයි.
ඒ ගැන සිතා බැලීමේදී ඇයි මිනිසුන් එසේ ක්‍රියා කරන්නේ? කියා ඒ පැත්තෙන් ඒ දෙස බලනවාට වඩා, මිනිසුන් එසේ වීමට බලපාන හේතුව කුමක්ද හෝ මේ තත්වයට මුල්වන හේතුව කුමක්ද කියා සොයා බැලීම අපට ප්‍රයෝජනවත් වේ.
පාවුල් තුමාගේ ප්‍රකාශයට අනුව ඇදහිලිවන්තයන් වන අපටත් ලෝකයා මෙන් එසේ තම තමුන්ගේ කැමැත්තට ඉඩදී ජීවත්වීමේ හැකියාව පමණක් නොව නුමුත් නිදහසද තිබුණත්, ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීමට තීරණය කළ ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන් හැටියට අපට එසේ කිරීමට නොහැකිවන්නේ අප දෙවියන්වහන්සේට කීකරුව ජීවත්වීමට තීරණය කළ උන්වහන්සේගේ දරුවන්ද වීමේ හේතුවයි. ක්‍රිස්තුස් වහන්සේගේ අවංක ඇදහිලිවන්තයන් වීමට නම් උන්වහන්සේගේ වචනයට මුල්තැනදීම අවශ්‍යය බව දේව වචනයද ගැඹුරින් පෙන්වාදෙයි.
ජාති බේදයකින් හෝ ආගම් බේදයකින් තොරව මෙළොව වෙසෙනා ඕනෑම පුද්ගලයෙකුගේ එදිනෙදා කල් ක්‍රියාවට මුල්වන ප්‍රධාන හේතුව අප එකිනෙකා තුල පැලපදියම් වී ඇති අපගේම මුලික පිළිගැනීම සමග බැඳී පවතියි. ඒ අනුව පමණක් අප තීරණ ගන්නා අතරම අප කරන කියන සියලු දේවල්ද ඒ අනුව තීරණය කරයි.
එය පෙන්වාදෙන අනෙක් වැදගත් කාරණය වන්නේ, මිනිසාගේ "හදවත" ඒ සියල්ලට මුල්වී ක්‍රියා කරන බවයි. ඒ අනුව බලනා විට අප එකිනෙකාගේ එදිනෙදා ජිවිතයේ කල් ක්‍රියාවට කෙලින්ම බලපාන අත්තිවාරම අපගේම හදවත් බව පැහැදිලිවම පෙනෙයි.
මිනිසා පමණක් මෙළොව ජිවත්වන අනෙක් සියළුම සත්වයන් ගෙන් වෙනස් වීමට මුල්වන ප්‍රධාන කාරණය වන්නේ, මිනිසාට පමණක් හෘද සාක්ෂිය යන හැඟීම පිහිටා තිබීමයි. වෙනත් කිසිම සත්වයෙකුට නොමැති නුමුත් මිනිසාට පමණක් ආවේනිකවූ මේ හෘද සාක්ෂිය යන "ආත්මයේ හැඟීම", මිනිසා ආත්මික අයෙක් බවටද පත්කරයි. එබැවින් අප තුල රජයන මේ හෘද සාක්ෂිය යන හැඟීම පමණක් අපට හොඳ - නරක, හරි - වැරැද්ද ගැන විමසා බැලීමට පිහිට වෙයි.
අපගේ ඒ හෘද සාක්ෂිය යන හැඟීමද අපගේම හදවත අතුලාත්යේ සිට අපට දිනපතා ජිවිතයේ හොඳ නරක ගැන හෝ හරි වැරැද්ද ගැන තීරණ අරගැනීමට සියුම් ලෙසින් සිතට කතා කලත් ජීවිතය ගැන තීරණ අරගනිමේ හැකියාව එයට නොවන්නේ තීරණ අරගැනීමේ හැකියාව සිතින් තීරණය කරන නිසායි.
මිනිසා සත්වයන් මෙන් නොව නුමුත් හදවතක් සහ හෘද සාක්ෂියක් ඇතුව දෙවියන්වහන්සේ විසින් ආත්මික අයෙකුසේ සදා මැවූ බව දෙවියන්වහන්සේම බයිබලයේ පෙන්වා දී ඇත්තේ අප යහපතින් නපුර වෙන්කර ගෙන ධර්මිෂ්ඨ ජිවිතයක් ගත කිරීම පිණිස වුවත්, බොහෝවිට එසේ කිරීමට අපගේ සිත ඉඩනොදෙන්නේ ඒ තුල ඇති පාපයේ බලවේගය නිසායි. එබැවින් මිනිසුන් වන අපට හරි වැරැද්ද සහ හොඳ නරක කුමක්ද කියා පැහැදිලිවම හැඟී ගියත් අපගේ සිත හරිදේය කිරීමට ඉඩනොදෙන්නේ අප තුල රජයන පාපයේ බලය නිසා බව පාවුල්තුමා පැහැදිලි කර සිටියි.
එපිසයේ පිහිටා තිබුන ඒ දේව සභාවේ ඇදහිලිවන්තයන් යුදෙව්වන් නොවූ බැවින් දෙවියන්වහන්සේගේ වචනය ගැඹුරින නොදැන සිටීමත් එසේම ඔවුන් යේසුස් වහන්සේ දැනහඳුනා ගැනීමට පෙර ජීවත්වූ පරිදි තවමත් ජිවත්වන නිසාත් ඔවුන් ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන් වුවත් ඔවුන්ගේ ක්‍රියාවන් දේව වචනයට අනුව නොවන බව පවුල් පෙන්වාදෙයි.
එවැනි පසුබිමක සිටි ඒ අලුත් ක්‍රිස්තු ඇදහිලිවන්තයන් දෙසා බලා පාවුල් තුමා පවසා සිටින්නේ; ක්‍රිස්තුස් වහන්සේ දැනගැනීමට පෙර ජීවත්වූ ආකාරයෙන් තවදුරටත් ක්‍රියා නොකරණ ලෙසයි.
එනම්, නොදැනුවත්කම නිසාත්, තමුන් තුල තිබෙන ඒ ආර්ත්මාර්තකමේ ආත්මය නිසාත්, තමුන්ගේ සිත්වල දැඩිකම නිසාත්, තමුන් ගැන පමණක් කල්පනා කරමින් දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ වචනයේ ඉගැන්වීම කෙරෙන් ඈත්ව පරණ පුරුදුවලම නිරත නොවන්න යන අවවාදයයි.
"එබැවින් අන්‍යජාතින් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන් නුඹලා තවත් නොහැසිරියල්ලා යැයි ස්වාමින්වහන්සේ තුල ඉල්ලා සිටිමි. " -එපිස 4:17
මෙහිදී පාවුල් තුමා එපිස සභාවේ අලුත් ඇදහිලිවන්තයින්ට පෙන්වාදෙන්නේ, ක්‍රිස්තියානි ජිවිතයේ යථාර්තය ගැනයි. මේ ඉගැන්වීම එදා එපීසයේ සිටි ඇදහිලිවන්තයන්ට මෙන්ම වර්තමානයේ ක්‍රිස්තු ඇදහිලිවන්තයන් වන අපටත් එකසේ ගැළපෙන්නේ, අපද දෙවියන්වහන්සේගේ ආඥාවට නවකයන් මෙන්ම ක්‍රිස්තු ඇදහිල්ල ගැන වැඩි යමක් නොදත් ඇදහිලිවන්තයන් ද වන නිසායි.
මෙහිදී පාවුල් තුමා පෙන්වාදෙන තර්කය වන්නේ; අපේ කල්ක්‍රියාවට බලපාන මෙන්ම අප යුක්ති සහගත යැයි සම්මතයෙන් පිළිගත් අපගේ ඇතුලාන්තයේ පිළිගැනීම (අත්තිවාරම) වැරදි නම්, අප තුලින් දිනපතා එළිදැක්වෙන අපගේ කල්ක්‍රියාවද වැරදි එකක් වන හෙයින් අපගේ වැරදි කල්ක්‍රියාවට හේතුව වන අප එකිනෙකාගේ සම්මත පිළිගැනීම රැඳී තිබෙන අපගේ හදවත් නමැති ඒ අත්තිවාරම එබැවින් පළමුවෙන්ම නිවැරදි එකක් කරගත් යුතු බවයි.
ඕනෑම පුද්ගලයෙක් දෙවියන්වහන්සේගේ ආඥාව නොදැන තමාගේ සිතට හරියැයි පෙනෙන හෝ දැනෙන දේ මත පමණක් ජීවත්වන්නේ නම්, ඒ තැනැත්තාගේ ජිවිතයේ අනෙක් සියලු ක්‍රියාද තමාගේම කැමැත්ත මත පමණක් ගොඩනැගෙයි. නුමුත් යේසුස් වහන්සේ පිළිගත් අපගේ ජිවත දැන් දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමටත් උන්වහන්සේව අනුගමනය කිරීමටත් තීරණය කල එකක් වන බැවින් ඇදහිලිවන්තයන් වන අපගේ කැමැත්ත දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත් කොට ජීවත්වීමට උත්සාහ කරන විට අපගේ ගැඹුරු අරමුණුද ඒ හා සමග වෙනස් වන බව ඔහු පෙන්වාදෙයි. එවිට අපගේ පුද්ගලික කැමැත්ත කරනවා වෙනුවට අප කිරීමට උත්සාහ ගන්නේ දෙවියන්වහන්සේට කීකරුව උන්වහන්සේ කැමැත්ත කිරීම බවත් ඔහු පෙන්වාදෙයි.
"ඔවුහු තමුන්ගේ තේරුම් ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ ආඥානකම නිසාද, තමුන්ගේ සිත් දැඩිකම නිසාද, දෙවියන්වහන්සේ කෙරෙන් වූ ජීවනයට විදේශිව සිටිති." -එපිස 4:18
එසේම යම්කිසි පුද්ගලයෙකුගේ ඇතුලාන්තය නිවැරදි නම් ඒ පුද්ගලයාගේ කල්ක්‍රියාව ද නිවැරදි එකක් වන්නේ, ඔහු හදවතින් පිළිගත් ඔහුගේ පිළිගැනීම නිවැරදි එකක් වීමයි. එවිට ඔහුට ඔහුගේ හෘද සාක්ෂියේ හඬ හොඳින් වැටහෙයි. නුමුත් අපි දෙවියන්වහන්සේගේ ආඥාව නොදැන අපගේ කැමැත්ත කරනවා නම්, එවිට අප තුළින් එළිදැක්වෙන කල්ක්‍රියාව දෙවියන්වහන්සේගේ වචනයට පටහැනි එකක් වියහැක්කේ අපි අපට හැඟෙන අපගේ කැමැත්ත කරන නිසායි. අපගේ කැමැත්ත බොහෝවිට අප වටා පමණක් ගොඩනැගී තිබීමත්, එසේම අපගේ වාසිය පමණක් එයට ප්‍රධාන වනවිටත් හෘද සාක්ෂියේ හඬ අපට දැනුනත් ඒවාට ඉහලින් අප කරන්නේ අපගේ කැමැත්තට ඉඩදීමයි.
මෙහිදී පවුල් තුමා එපිස සභාවේ සිටිය මිනිසුන්ට පෙන්වාදෙන්නේද ඒ ගැනයි. කලක් ඔවුන් දෙවියන්වහන්සේ නොදැන ජීවත්වූ ඒ කාලයේ එසේ දේව වචනයට පටහැනිව ජිවත්වුවත්, දැන් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ හඳුනාගෙන සිටින ක්‍රිස්තු ඇදහිලිවන්තයන්ව සිටින බැවින් එසේ නොවී දේව වචනයට මුල්තැනදී ජිවත්වන පිණිස ඒ ඒ දුර්වලකම හරිගස්සා ගැනීමේ උවමනාව පවුල්තුමා එපිස සභාවේ ඇදහිලිවන්තයන්ට පෙන්වාදෙයි.
"එබැවින් අන්‍යජාතින් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන් නුඹලා තවත් නොහැසිරියල්ලා යැයි ස්වාමින්වහන්සේ තුල ඉල්ලා සිටිමි. " -එපිස 4:17
පාවුල් තුමා විසින් එපීස සභාවේ ඇදහිලි වන්තයන් ධෛර්යමත් කරන මේ හේතුව වර්තමානයේ ක්‍රිස්තු ඇදහිලිවන්තයන් වන අපටත් අදාළ වන්නේ, අපත් බොහෝවිට ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරන අදගිලිවන්තයන් මෙන් ලෝකයා ඉදිරයේ පෙනිසිටියත් ඇතුලාන්තයෙන් අපිත් එපිස සභාවේ මිනිසුන් මෙන් වීමයි. ඒ බව අප හොඳින් දැනසිටියත් ඒ ගැන අන්ධව සිටීම අපගේ ආත්මික ජිවිතයේ තත්වයද පැහැදිලි කරයි.
ඒ අනුව අප එකිනෙකාගේ හදවත්වල අරමුණු මෙන්ම අප ගොඩනැගී සිටින අප එකිනෙකාගේ ජීවිතවල අරමුණුද එපිස සභාවේ ඇදහිලිවන්තයන් ලෙසින්ම දුර්වල වී තිබෙයි නම්, අප තුළින් එලියට එන අපගේ කල්ක්‍රියාවද දුර්වල එකක් විය හැකිවන්නේ අපත් ඔවුන් මෙන් ඇතුලාන්තයෙන් සත්‍යය අනුගමනය නොකිරීමේ හේතුව උඩයි. එසේනම්, එය හරිගස්සා ගෙන ජීවත්වීමේ උවමනාව වර්තමානයේ ජිවත්වන අප ඉදිරියේත් එකසේ පැන නගියි.
දේව වචනයේ අඩංගු ආත්මික සත්‍යයතාවයන් තේරුම් ගැනීමේ හැකියාව රඳා පවතින්නේ, අප ගොඩනැගී ඇති අපගේ පුද්ගලික ආත්මික ස්ථාවරය මතයි. එබැවින් ඇතුලාන්තයෙන් අප ගොඩනැගී ඇති අපගේ ආත්මික ජිවිතයේ ආත්තිවරම දුර්වල එකක් නම්, අපගේ ඇදහිල්ලද ඒ ආකාරයෙන්ම දුර්වල එකක් බවට පත්වෙයි. එබැවින් පාවුල් තුමාගේ ඉගැන්වීම පෙන්වාදෙන්නේ සාර්ථක ක්‍රිස්තියානි ජිවිතයක් ගත කිරීමට නම් ඒ වෙනුවෙන් අපි දේව වචනය පෙරදැරිකර ගත් යහපත් අත්තිවාරමක් අප තුල ගොඩනගා ගැනීමටත් අවශ්‍යය බවයි.
පාවුල් තුමාගේ මේ ඉගැන්වීම කොරින්තියේ සභාවට යැවූ ලිපියේ ද සඳහන් වෙයි.
"නුමුත් ජම්මික මනුෂ්‍යා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේගේ කාරණා පිළිනොගනියි. ඒවා ඔහුට මෝඩකමය. ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්නට ඔහුට බැරිය. නුමුත් ආත්මික තැනැත්තේ සියල්ල විමසයි. ඔහුම කිසිවෙකු විසින් විමසනු නොලබයි. මක්නිසාද ස්වාමින්වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නුමුත් අපට ක්‍රිස්තුස්වහන්සේගේ සිත් ඇත්තේය. අප මේ සියල්ල පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උපදින වචනවලින් නොව, ආධ්‍යාත්මික දේ, ආධ්‍යාත්මික සත්‍යයන් හා සසඳමින් ශුද්ධාත්මයාණන් අපට උගන්වන වචන වලින්ය".
පවුල් තුමාගේ මේ ඉගැන්වීමේ සරල අර්ථය වන්නේ, යහපත තෝරාගැනීමට හෝ හරිදේය කිරීමට හෝ අපගේ සිත අපට ඉඩ නොදෙන්නේ නම්, සත්‍යය පැහැදිලි කරගැනීමට ඉඩනොදී අපගේ සිත් තුල ක්‍රියාවට නැගෙන ඒ බලපෑම යක්ෂයාගේ නොහොත් සාතාන්ගේ උපායක් බවයි.
" ක්‍රිස්තුස් වහන්සේ යන ශුභාරංචිය වැසී තිබේ නම්, එය වැසී තිබෙන්නේ විනාශ වෙන්නන්ටය. නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරුපය වූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබලෙන පිණිස, මේ ලෝකයේ දෙවියා (සාතන් නොහොත් යක්ෂයා) ඔවුන්ගේ සිත් අන්ධකළේය"
යක්‍ෂයා නොහොත් සාතාන් ඇදහිලිවන්තයන් සත්‍යය දැනගැනීමෙන් ඈත්කර තැබීමට උත්සාහ කරන්නේත්, එසේම දෙවියන්වහන්සේගේ සත්‍යය නොදන්නා පුද්ගලයන් දෙවියන්වහන්සේ දැනගැනීමට පැමිණීමෙන් වළකා තැබීමට උත්සාහ කරන්නෙත්, පාපයට සමාව ලබාගැනීම තුලින් දෙවියන්වහන්සේ ගෙන් පැමිණෙන සදාකාල ජීවනයෙන් උන්වහන්සේගේ මැවිල්ල වන අපව ඈත්කර තබන පිණිස බව පාවුල් තුමාගේ ඉගැන්වීම පහදා දෙයි.
පළමු මිනිසාවූ ආදම් දෙවියන්වහන්සේගේ සහභාගිකමෙන් බෙදා වෙන්කිරීමට මුල්වූ ඒ රැවටීමට අපවද මුලාකරගැනීමේ හැකියාව සාතාන් සතුවෙයි. අප සත්‍යයෙන් බැහැරව සත්‍යයට දුරස්ව සිටියි නම් ඒ නොදැනුවත්කම අපව බොරුවට රැවටීමටද මඟ පාදයි. එවිට අප බොරුවට මුලා වෙයි. සත්‍යය සඟවා තැබීමත්, සත්‍යය දැනගැනීමට පැමිණීමෙන් වලකා තැබීමත් යක්ෂයාගේ උපක්‍රමය වන්නේ, අප සත්‍යය දැනගැනීමට පැමිණීම තුලින් දෙවියන්වහන්සේට කිකරුවිම වලකාලනු පිණිසයි.
දෙවියන්වහන්සේගේ සත්‍යය අප සිත තුළ නැතිනම්, අපට කිසිදිනෙකත් අධ්‍යාත්මික සත්‍යතාවයන් අවබෝධ කරගනිමින් ඒවා ග්‍රහණය කරගැනීමටද හැකි නොවේ. එවිට එහි අවසානය වන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්තට විරුද්ධ දේවල් කිරීමට පෙලබිම තුලින් සාතන්ගේ වහල්ලුන් බවට පත්වීමත්, සාතාන්ට නියමකරන ලද ඒ අවසාන විනිශ්චයේ අපත් ඔහු සමග පංගුකාරයන් වීමයි.
අප මුල් මනුෂ්‍යයා වන ආදම් සහ ඒවා ගේ අකීකරු කම තුළින් ඇතිවූ ඒ පාපයේ ප්‍රතිඵලය නිසා දෙවියන්වහන්සේ හා සමග ඇති සම්බන්ධයෙන් වෙන්ව ඉපදී සිටියත්, ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කොට අදහාගැනීමට පැමිණීම තුලින් ආත්මික සත්‍යතාවයන් ග්‍රහණය කරගැනීමට සමර්ථ ආත්මික මනුෂ්‍යන් ලෙසින් නැවත ඉපදී සිටියි.
ආත්මික මනුෂයන් ලෙස මවනු ලැබූ අපගේ ඇතුලාන්තය දෙවියන්වහන්සේගේ ආත්මික සත්‍යතාවයන් ගෙන් පිරියනවිට ආත්මිකව මිනිසාගේ ආත්මයද තෘප්තිමත් බවට පැමිණේ. නුමුත් යම් හෙයකින් එසේ නොවනා විට සිදුවන්නේ, අපගේ ඒ හිස්කමින් පිරුණු හදවත් අතෘප්තිමත් වීම නිසා අසහණයෙන් පිරියාමට පටන් ගැනීමයි.
මේ ස්වභාවයෙන් මිදීමට බොහෝදේ කිරීමටත් ලෞකික දේවල් තුරුළු කරගැනීමටත් අප නැඹුරුවුවත්, ඒවා තුලින් ආත්මයට සහනය සමාදානය ලඟා කරගත නොහැකි වන්නේ, ඒවා ආත්මික නොවීමේ හේතුව නිසායි. ආත්මික සුවය වෙනුවෙන් අපට ඇත්තේ ආත්මික දෙවියන්වහන්සේ පමණි. එබැවින් ඒ ආත්මික පුනර්ජීවනය වෙනුවෙන් අප දෙවියන්වහන්සේගේ පිහිට සොයා යායුතු වෙයි.
ක්‍රිස්තුස්වහන්සේ තුළ ජීවත්වීම යනුවෙන් පවුල් තුමා මෙහිදී අදහස් කරන්නේ, ආත්මයාණන් වහන්සේ ගේ මඟ පෙන්වීමට අනුව දෙවියන්වහන්සේගේ වචනයට කීකරුවූ ජිවිතයක් ගත කිරීම වෙනුවෙන් දෙවියන්වහන්සේ සොයන පුද්ගලයන් හැටියට ජීවත්වීම ගැනයි.
එවැනි ජිවිතයක් ගත කිරීමට අප අපගේ ජිවිතයේ අත්තිවාරම වන සිත සුදානම් කරගන්නා විට, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේද අපගේ සිත තුලට පැමිණ ඒ වෙනුවෙන් අප ඇතුලාන්තයෙන් වෙනස්වූ පුද්ගලයන් බවට පත්කරන බවත් දේව වචනය කියාසිටියි.
ඒ ගැන යේසුස් වහන්සේ පවසා සිටියේ; "මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මගේ හඬ අසා මා පිළිගෙන, ම ඇතුලට පිළිගන්නේ නම්, මම ඔහු තුලට පැමිණ ඔහු සමග වාසය කරන්නෙමි" යන පොරොන්දුවයි.
එසේ නම් ක්‍රිස්තු ඇදහිලිවන්තයන් ලෙසින් දෙවියන්වහන්සේට කීකරුව අපගේ ජිවිතයේ "අත්තිවාරම" ගැන සොයා බැලීමක් කිරීම යෝග්‍යය වෙයි. නැවත වතාවක් උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළින් එය ගොඩනගා ගනු පිණිස අපගේ සිත් උන්වහන්සේට බාරදීමත් කලයුතු වේ.
අප එකිනෙකාගේ සැබෑ ආත්මික ජීවිතයේ සැබෑ තත්වය දන්නේ අපත් දෙවියන්වහන්සේ පමණි. යම් හෙයකින් එය දුර්වල තත්වයක පවතියි නම් එය නැවතවතාවක් සාර්ථකව ගොඩනැගීමේ බලය සහ හැකියාව දෙවියන්වහන්සේ සතුවුවත් ප්‍රශ්නය වන්නේ, දෙවියන්වහන්සේ බලෙන් අප තුල කිසිවක් නොකිරීමයි. එබැවින් එය හරිගස්සා ගැනීමට නම් ඒ වෙනුවෙන් අවංකව තීරණයක් අරගත යුතයි. හදවතින් යටත්වී දෙවියන්ගේ අතට බාරවිමත් උන්වහන්සේගේ වචනය ට කිකරුවිමත් ආත්මික ජයග්‍රහනට මඟ පාදන බව පාවුල් තුමා එපිස සභාවට උගන්වයි.
(දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි. /©2016- darmadasa.org)